හීත්‍රෝ ගුවන්තොටුපළේ ගමන් වාර කිහිපයක් යළි ඇරඹේ

හීත්‍රෝ ගුවන්තොටුපළේ ගමන් වාර කිහිපයක් යළි ඇරඹේ

තාවකාලිකව අත්හිටුවා තිබූ හීත්‍රෝ ගුවන්තොටුපළේ ගුවන් ගමන් වාර කිහිපයක් යළි ආරම්භ කර තිබේ.

විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ, හෙට (23) වනවිට එම ගුවන් තොටුපළේ ගුවන් ගමන් සම්පූර්ණයෙන් යථා තත්වයට පත්කළ හැකි වනු ඇති බවයි.

එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස පුරා මෙහි බහුතර ගුවන්ගමන් අත්හිටුවීමට එහි පරිපාලනය කටයුතු කළේය.

එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොළ මෙය වන අතර, එය හදිසියේ වසාතැබීමට සිදුවීමෙන් මගීන් ලක්ෂ 2ක් පමණ පීඩාවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.