ශ්‍රී ලංකා – ඇෆ්ගන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි

ශ්‍රී ලංකා – ඇෆ්ගන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (04)යි.

ඊයේ (03) තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් පමණක් බිඳ වැටී ලකුණු 410ක් ලබා සිටියේය.

ඇන්ජලෝ මැතිව්ස් සිය 16වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් 15වෙනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත් විය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත්තේ, ලකුණු 198ක් පමණි.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී ඇෆ්ගනිස්තානයට වඩා ලකුණු 212ක් ඉදිරියෙන් පසු වේ.

Share This