වේවැල්දෙනියේ මාරක අනතුරක්

වේවැල්දෙනියේ මාරක අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකෙු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් වතුපිටිවල සහ වරකාපොළ රෝහල් වලට ප්‍රතිකාර සඳහා ඇතුලක් කර ඇති බව පොලීසිය පවසයි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන්ගත් උඩහමුල්ල ඩිපෝවට අයත් බස් රථයක් හා ගලෙන්බිදුනුවැව සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකි.

පොලිසිය හා ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මකවී තුවාලකරුවන් රෝහල් කරා යැවීමට පියවර ගෙන ඇති අතර ඉතාමත් සුළු තුවාල ලැබූ කිහිප දෙනෙක් බාහිර ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද පොලිසිය කියයි.

බස් රථ දෙකේ රියදුරන්ද තුවාල ලබා ඇති බව අනාවරණය වී ඇති අතර එක් රියදුරකු අනතුරින් පසු පලාගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි හෙළිකර ගැනීමටද පරීක්ෂණ මෙහෙයවන බව පොලිසිය සදහන් කළේය.

මෙම අනතුර හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් අවහිරවී පැවතිණි.

පුද්ගලයන් 15 ක් රෝහලට ඇතුලත් කර ඇති බවද තුවාලකරුවන්ගේ තත්තවය බරපතල නොවන බව වරකාපොල රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

May be an image of van and text

May be an image of 1 person and text

May be an image of 1 person and text

May be an image of tram and text

Share This