පාමංකඩ මාරක අනතුරක්

පාමංකඩ මාරක අනතුරක්

කොළඹ සිට කොහුවල දෙසට කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් පාමංකඩ ප්‍රදේශයේ දී විදුලි කණුවක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අද (17) අලුයම 3ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසුව මෝටර් රථය ගිනි ගැනීමකට ලක්ව තිබෙන අතර අනතුරින් ජීවිත හානි කිසිවක් සිදුව නැහැ.

මෝටර් රථය 28 හැවිරිදි කාන්තාවක් විසින් පදවා තිබෙන බවයි පැවසෙන්නේ.