බ්‍රසීලයේ මාරක බස් රථ අනතුරකින් 38ක් මරුට
ගිනිකොනදිග බ්‍රසීලයේ මිනාස් ජෙරායිස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටී සිදු වූ මාරක අනතුරකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 13දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
අනතුරින් මියගිය පිරිස අතර, කුඩා දරුවෙකුද වන බව පැවසේ.
මගීන් 45 දෙනෙකු රැගෙන; සාඕ පවුලෝ නගරයෙන් පිටත් වූ බස් රථයේ ටයරයක් පුපුරායාම නිසා රියදුරුට රථය පාලනය කරගත නොහැකිව ට්‍රක් රථය ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
එහිදී තවත් මෝටර් රථයක් බස් රථයේ ගැටී ඇති අතර, මෝටර් රථයේ සිටි තිදෙනාම දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වුණේ.
ඊයේ සිදු වූ මෙම අනතුරත් සමඟ බස් රථය ගිනිගෙන විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
බ්‍රසීල ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව, 2024 වසරේ දී බ්‍රසීලයේ රථවාහන අනතුරු වලින් 10,000කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.