වනජීවි නිළධාරීන් හඹා එද්දී දැව ජාවාරම්කරුවන් පලා ගිය ලොරිය ඇළකට පෙරළෙයි

වනජීවි නිළධාරීන් හඹා එද්දී දැව ජාවාරම්කරුවන් පලා ගිය ලොරිය ඇළකට පෙරළෙයි

නීති විරෝධීව බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ දැව ජාවාරම්කරුවන් පිරිසක් වනජීවි නිළධාරීන් හඹා යද්දී දැව ජාවාරම් කරුවන් සමග ලොරි රථය රදවිබැදි ඇළට පෙරළී දෙදෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කල බව වනජීවි නිළධාරීන් පවසයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ පුත්තලම කල්අඩිය පදිංචි සැකකරුවන් දෙදෙනෙකු බව පැවසේ.

කරුවලගස්වැව වනජීවි කාර්යාලයෙ නිළධාරීන් පිරිසක් අලි පලවා හැරිමේ මෙහෙයුමක නිරත වී ආපසු කාර්යාලය දෙසට අද (9 ) ගමන් කරමින් සිටියදී මෙම දැව ප්‍රවාහන කල ලොරි රථය නවතන ලෙසට අණ කර තිබේ.

වනජීවි නිළධාරීන්ගේ අණ නොතකමින් දැව ජාවාරම්කරුවන් අධික වේගයෙන් ලොරි රථය ධාවනය කරමින් සිටියදී එකවර ලොරි රථයෙ රියදුරුගේ පාලනයෙන් මිදි ගොස් ලොරි රථය රදවි බැදි ඇලට වැටී දැව තොගයද මාර්ගය දෙපස හා රදවිබැදි ඔය ඉවුරු දෙපස රැදි තිබු බව වනජීවි නිළධාරීන් පවසයි.