සිසුවෙකු පැදවූ ත්‍රිරෝද රථයක් පෙරළී සිසුන් 3ක් රෝහලට
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළීමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.
මෙම අනතුර සිදු වී ඇත්තේ, ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පුස්තකාලය අසලදියි.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ගිනිගත්හේන කඩවල දමිල මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් පිරිසක්.
වෑන් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරිමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නාවලපිටිය සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු ලංගම බස් රථයේ ත්‍රිරෝද රථය ගැටිමට ආසන්න වු විට ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරළීයාමත් සමග එහි පසුපස අසුනේ ගමන් ගත් සිසුන් තිදෙනා ප්‍රධාන මාර්ගයට විසි වී තිබෙනවා.
ප්‍රධාන මාර්ගයේ වැටි සිටි සිසුන් තිදෙනාගේ ජිවිත බේරාගැනිමට ලංගම බස් රථයේ රියදුරා බස් රථයට මාර්ගයෙන් ඉවතට ධාවනය කර ඇති බවත්, එම අවස්ථාවේ රජය සතු ගොඩනැගිල්ලක තාප්පයක් සහ ගේට්ටුවක ගැටි බස් රථය නතර වි ඇති බවයි පොලීසිය පවසන්නේ.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බව ගිනිගත්හේන පොලිසිය කියා සිටියා.