බදුල්ල මහියංගණය පාරේ මාරක අනතුරක් – අයෙක් මරුට -`4කට තුවාල

බදුල්ල මහියංගණය පාරේ මාරක අනතුරක් – අයෙක් මරුට -`4කට තුවාල

බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ පුවක්ගොඩමුල්ල කයිලගොඩ ප්‍රදේශයේ අද (10) දහවල් බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් සිවු දෙනෙකුට බරපතල තුවාල සිදුවු බව පොලිසිය පවසයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ වේල්ලදුරගේ ජෙමිස් නැමැති 79 හැවිරිදි අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.

බදුල්ල සිට මහියංගණය දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය මාර්ගය හරහා පනින ලද බල්ලෙකු බේරිමට තැත්කල අවස්ථාවේ සිරිපුර සිට බදුල්ල දක්වා පැමිණෙමින් තිබු මගි ප්‍රවාහන බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ දි ත්‍රිරෝද රථයේ රියදුරු සමග පස් දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකු කාන්තාවන් වෙයි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බදුල්ල මුලස්ථාන පොලිස් රථවාහන අංශය වෙතින් සිදුකරන බවද පොලිසිය තවදුරටත් පැවසීය.

Share This