නාවික හමුදා යාත්‍රාවක් මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටී 13ක් මරුට
ඉන්දීය නාවික හමුදාවට අයත් වේග යාත්‍රාවක්, මගී ප්‍රවාහන යාත්‍රාවක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.
මගී ප්‍රවාහන යාත්‍රාවේ සිටි 10 දෙනෙකු අනතුරින් මියගොස් ඇති අතර, නාවික හමුදා සෙබලෙකු ද මියගිය පිරිස අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දියාවේ මුම්බායි හී වෙරළට ඔබ්බෙන් අනතුර සිදුව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මගී ප්‍රවාහන යාත්‍රාවේ පුද්ගලයින් 110 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර නාවික හමුදා යාත්‍රවේ 05 දෙනෙකු සිට ඇති බවයි.
යාත්‍රාවේ සිටි සෙසු පිරිස නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.
වේග යාත්‍රාවේ එන්ජින් අත්හදා බැලීමක් අතරතුර එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවිය.