දක්ෂිණ අධිවේගයේ අනතුරු දෙකකින් 6ක් රෝහලට

දක්ෂිණ අධිවේගයේ අනතුරු දෙකකින් 6ක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 25.5 දොඩංගොඩ සහ ඒ ආසන්නයේ සිදුවූ තවත් අනතුරකින් සිව් දෙනකුගෙන් යුත් එංගලන්ත ජාතික පවුලක් ඇතුළු හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.

තුවාල ලද විදේශීය පිරිස අතර මව පියා සහ දියණියන් දෙදෙනකුද වන බව පොලිසිය කියයි. එංගලන්ත ජාතික පවුලේ පිරිස රැගත් සුඛෝපභෝගී වෑන්රථය කටුනායක ගුවන් තොටුපොළ කරා යමින් සිටියදී ඉදිරියෙන් කොළඹ දෙසට ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුරට ලක්වීමෙන් එංගලන්ත ජාතික යුවළ සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය.

එයින් මඳ වේලාවකට පසු දොඩංගොඩ දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් ලොරියක පිටුපස ගැටීමෙන් මෝටර් රථයක් අනතුරට පත් වී ඇත.එහිදී ලොරි රියදුරු සහ සහායක ද තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.