වෑන් සහ බස් රථයක් ගැටී දෙදෙනෙක් මරුට – 25ක් රෝහලට
හබරණ – ගල්වංගුව 118 කණුව ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙම අනතුරෙන් මියගොස් ඇති එක් පුද්ගලයා වෑන් රථයේ රියදුරු බව වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් පිරිසක් මේ වනවිට දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.