කන්දකැටියේ බස් – වෑන් අනතුරකින් 12 ක් රෝහලට

කන්දකැටියේ බස් – වෑන් අනතුරකින් 12 ක් රෝහලට

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) පෙරවරු 6.10ට පමණ මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

එහිදී අනතුරින් තුවාල ලැබූ තරුණියන් 08 දෙනෙකු ඇතුලු 12 දෙනෙකු කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇතැයි පොලීසිය පවසයි.

ඉන් හත් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මූලික රෝහල වෙත මාරුකර යවා ඇතැයිද කන්දකැටිය පොලීසිය පැවසීය.

අනතුරින් තුවාල ලබා ඇත්තේ, කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන පිරිසකි.

පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී වාහන දෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.