ටිපර් රථයක ගැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

ටිපර් රථයක ගැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

යාපනයේ කොකුවිල් ආදිපාද මාර්ගයේදී ටිපර් රථයක ගැටී පාසල් සිසුවියක් ඊයේ (10) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, කොකුවිල් බාලිකා විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරණ යාපනයේ කොකුවිල් ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි විනුතා විජේකුමාරි නැමති ශිෂ්‍යාවකි.

ඇය පාසල නිම වී කොකුවිල් ප්‍රදේශයේම පිහිටි උපකාරක පන්තියකට සහභාගී වීම සදහා පාපැදියෙන් යමින් සිටියදී ඇයට පිටුපසින් පැමිණි ටිපර් රථයක පාපැදිය ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඇය යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇති බවයි, පොලීසිය පැවසුවේ.

අනතුර සිදුකළ ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් කොකුවිල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.