නුවරඑළියේ බස් රථයක් පෙරලී බිහිසුණු අනතුරක් – 40 ක් රෝහලට
නුවරඑලිය සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරකයන් පිරිසක් රැගෙන යමින් තිබූ පෞද්ගලික බස් රථයක් නුවරඑලිය ලබුකැලේ ටොප්පාස් ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 40 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා පැවසීය.
නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන සංචාරක හෝටලයක (ග්‍රැන්ඩ් හෝටලය) සේවය කරන සේවක සේවිකාවන් සංචාරයක් සදහා නුවරඑලිය සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රවාහනය කරන අතරතුර අද (11) අලුයම 05 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි, පොලිසිය කියා සිටියේ.
ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේ ක්‍රියාවිරහිත වීම නිසා බස් රථය වංගුවක් සහිත ප්‍රදේශයේදි ඉහල මාර්ගයේ සිට පහල මාර්ගයට පෙරලී මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් තුවාල ලැබුවන් ප්‍රදේශවාසින් සහ නුවරඑලිය පොලිසියේ නිලධාරින් එක්ව රෝහල් ගත කර ඇති අතර, තුවාලකරුවන්ගෙන් කිහිපදෙනෙකුගේ අස්ථි බිදි ඇති බවද රෝහලේ සේවකයෙකු පැවසිය.
බස් රථය අනතුරට පත්වන අවස්තාවේ බස් රථයේ රියදුරා සහ සහයකයා ඇතුළු 41 දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුර පිලිබදව නුවරඑලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.