බදුල්ලේ බිහිසුණු අනතුරක් – 04 දෙනෙක් ජීවිතක්ෂයට

බදුල්ලේ බිහිසුණු අනතුරක් – 04 දෙනෙක් ජීවිතක්ෂයට

බදුල්ල, තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට, වැලිහිඳ ප්‍රදේශයේදී අද (05) දහවල් 12 ට පමණ ටිපර් රථයක් මාර්ගය හරහා පෙරලීයාමෙන් 04 දෙනෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, මොණරාගල හුලංදාව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු බව පොලිසිය පැවසීය.

තිරිංග අක්‍රීය වූ ටිපර් රථය රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව පෙරලීයෑමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් තිදෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි, පොලිසිය පැවසුවේ.

ඉදිකිරීම් සමාගමක සේවකයන් පිරිසක් බස්නැවතුමක් ඉදිකිරීමට තැන්නපංගුව ප්‍රදේශයට ගොස් ආපසු බදුල්ල බලා ලොරියෙන් ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Share This