එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් අනතුරක

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් අනතුරක

හොරණ සිට නුවරඑලිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ දී අද (19) අලුයම 5.15 ට පමණය.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්ත දෙසට පෙරළී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති අතර, මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි, අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

Share This