බස් – ත්‍රීරෝද රථ මුහුණට මුහුණ ගැටී දරුණු අනතුරක්

බස් – ත්‍රීරෝද රථ මුහුණට මුහුණ ගැටී දරුණු අනතුරක්

බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේ දී බස් රථයක ගැටී ඊයේ (02) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී ගොස් ඉදිරිපස රෝදය ගැලවීමත් සමගම රියදුරු පාලනයෙන් ගිලිහී ගිය ත්‍රීරෝද රථය ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් එකම පවුලේ සැමියා, බිරිඳ සහ ලේලිය බරපතල තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

ඔවුන් අවුරුදු 73, 67 සහ 43 වයස්වල පසූවූ මීගහකිවුල, කරදගහමඩ අලුත්කෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය සහ බදුල්ල පොලිසිය එක්ව වැඩිදුර පරික්ෂණ පවත්වයි.