දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගීයේ බස් රථයක ගින්නක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ 32-7ආර්. කණුව ආසන්නයේදී අධි සුඛෝපභෝගී බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

එම අවස්ථාවේදී බස් රථයේ රියැදුරු සහ තවත් පුද්ගලයකු පමණක් එම බස්රථයේ සිට ඇති බව පොලිසිය කියයි.

දක්ෂිණ අධිවේගී මාර්ග ගිනි නිවීමේ ඒකකය මගින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පැය කීපයක් ඇතුළත දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්කළ බව ද පොලිසිය පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.