
බස් – ලොරි අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15ක් රෝහලට
හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.
තුවාල ලැබූවන් අතර කුඩා ලොරියේ රියදුරු සහ සහායකයාද වන බව පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබූවන් ඉංගිරිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි ලොරි රියදුරු සහායක ඇතුළු පාසල් සිසුන් කීප දෙනෙකුද වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.