දක්ෂිණ අධිවේයේ අනතුරකින් 10 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේයේ අනතුරකින් 10 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100.1 පින්න දූව සහ ඉමදුව පිවිසුම් අතරදී එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටී සිදුවූ මාරක අනතුරකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, මාතර, නූපේ ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනුදි දම්සරා නැමැති දැරියකි.

මියගිය දැරියගේ මව පියා සහ වැඩිමල් සොහොයුරියද බරපතල තුවාල ලබා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස දකුණු පස ප්‍රදේශයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් විමර්ශන වී වලදී අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (11) රාත්‍රී 11.00 ට පමණ එම අනතුර සිදුව තිබූ බවය.

මියගිය දැරියගේ මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ වැඩිදුර විමර්ශන ඉමදුව පොලිසිය මගින් සිදු කරනු ලබයි.