හංවැල්ලේදී මාරක අනතුරක් – කාන්තවක් මරුට
මොණරාගල සිට කොළඹ බලා පරණපාරේ අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් හංවැල්ල නගරයේදී අද (02) කාන්තාවක් යටකර මරණයට පත් කර අධිබලැති විදුලි කණුවක් ද කඩාගෙන පාරෙන් ඉවතට පැන නැවතී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 70ක් පමණ වන අතර ඇය පහළ හංවැල්ල ප්රදේශයේ පදිංචිකාරියකි.
පුවක් විකිණීමට පුවක් මල්ලක් ද රැගෙන ඇය කළුඅග්ගල දෙසට යමින් සිටියදී වේගයෙන් කොළඹ බලා පැමිණ ඇති බස් රථය වේගය පාලනය කරගත නොහැකි වීමෙන් කාන්තාවද යටකර විදුලි කණුවක් දෙකට කඩාගෙන බෝක්කුවක් අසල නැවතී ඇත.
බස් රථයට යටවී වැටී සිටි කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර හංවැල්ල පොලිසිය විසින් ඇයගේ මල සිරුර ශාලාව ප්රාදේශීය රෝහලට රැගෙන යාමට ක්රියාකර ඇත.
බස් රථයේ රියදුරු සහ සහයක බියෙන් හංවැල්ල පොලිසියට දිවගොස් භාරවී ඇතැයි පොලිසිය පවසයි.
බස්රථයේ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර බස්රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවී තිබුණි.
මියගිය අයගේ පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ 6 සහකාර පොලිස් අධිකාරි ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි හංවැල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුජිත් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමන්ත මහතා ප්රමුඛ පොලිස් සැරයන් වේරගල පොලිස් කොස්තාපල් (89128) රත්නායක (94055) ප්රියන්ජන්, (4043) ලක්ෂාන් යන නිලධාරීන් විසින් වැඩි දුර පරීක්ෂණ කටයුතු පවත්වති.