ගම්පහදී දුම්රියක ගැටී පාසල් සිසුවෙකු මරුට
ගම්පහ දුම්රිය ස්ථානයට ආසන්න ස්ථානයකදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගම්පහ ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිට ඇති මෙම සිසුවා ගම්පහ, පහළගම ප්‍රදේශයේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක පස්වෙනි දරුවාය.
මොහු මියගොස් ඇත්තේ, දුම්රියේ ගැටීමෙන්ද නැතිනම් දුම්රියට පැනීමෙන්ද යන්න සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කරන අතර ඊයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පියවර ගෙන තිබිණි.