ඩිෆෙන්ඩර් රථ අනතුරකින් STF නිලධාරීන් දෙදෙනෙකු මරුට

ඩිෆෙන්ඩර් රථ අනතුරකින් STF නිලධාරීන් දෙදෙනෙකු මරුට

වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගවයකුගේ ගැටී සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් දෙදෙනකු මියගොස් තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කුරුණෑගල හා මැදවච්චිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29 හා 31 යන ව‍යස්වල පසුවන විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්.

වව්නියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් මෙම ඩිපෙන්ඩර් රථය මඩුකන්ද සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදී කෝවිල්කුලම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ.

ගවයාගේ ගැටුණු ඩිපෙන්ඩර් රථය මාර්ගය අසල තාප්පයක්ද කඩාගෙන රථය පෙරලී ගොස් ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබු විශේෂ කාර්ය බලකා නිලධාරීන් 7 දෙනා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනෙකු මිය ගොස් ඇත.

තුවාල ලැබු උප පොලිස් පරීක්ෂකවරයෙකු,  පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු,  පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකු වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබයි

අයිතිකරුවන් ගාල් නොකිරීම හේතුවෙන් මෙම මාර්ගයේ මීට පෙරද අවස්ථා කීපයකදී සිදු වූ අනතුරු හේතුවෙන් මරණ සහ තුවාල සිදුවීම් ගණනක් වුවද ගවයින් පාලනය කිරීමට බලධාරීන් හෝ ගව අයිතිකරුවන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

Share This