සිසු සැරිය සහ ඇඟලුම් බසය ගැටී 19 ක් රෝහලට

සිසු සැරිය සහ ඇඟලුම් බසය ගැටී 19 ක් රෝහලට

අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේදී අද (15) උදෑසන සිදුවූ රිය අනතුරකින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, පාසල් සිසුන් රැගෙන යමින් සිටි සිසු සැරිය බස් රථයක් හා ඇගලුම් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

පාසල් සිසුන් රැගත් සිසුසැරිය බස් රථය පාසල් සිසුන් නංවා ගැනිම සදහා ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේ නවතා තිබියදී ඒ පිටුපසින් පැමිණි ඇගලුම් සේවිකාවන් රැගත් බස් රථය සිසුසැරිය බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

එම අනතුරින් සිසුසැරිය බස් රථයේ ගමන්ගත් සිසුන් සිවු දෙනෙකුත් එම බස් රථයේ රියදුරා සහ ඇගලුම්හල් සේවිකාවන් පැමිණි බස් රථයේ ගමන්ගත් කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

ඇගලුම් කම්හල් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.