රට රැකියා ගමන මග නතර කළ අනතුර

රට රැකියා ගමන මග නතර කළ අනතුර

නවතා තිබූ මගී ප්‍රවාහන බස් රථයක ත්‍රිරෝද රථයක් ගැටී අද (13) සිදුවූ මාරක අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කල බව මුන්දලම පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ත්‍රිරෝද රථයේ ගමන් ගත් මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

විදේශ රැකියාවක් සදහා පිටත් වීමට සිටි පිරිසක් කටුනායක ගුවන් තොටුපල රැගෙන යමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, පුත්තලම සිට හලාවත දක්වා ගමන් කර තිබු පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මගීන් නංවා ගැනිමට මුන්දලම රෝහල ඉදිරිපිට නවතා තිබියදී පසුපසින් පැමිණි මෙම ත්‍රිරෝද රථය එම බස් රථයේ ගැටී ඇති බවයි.

ත්‍රිරෝද රථ රියදුරා, විදේශ රටකට යාම සදහා ගමන් කරමින් සිටි පුද්ගලයා සහ තවත් අයෙක් බරපතළ තුවාල සහිතව මුන්දලම රෝහලට ඇතුළු කර තිබූ අතර පසුව ඔවුන්ව හලාවත මහ රෝහලට යැවීමට කටයුතු කර තිබුණි.

අනතුර සම්බන්ධව මුන්දලම පොලිසියේ රථවාහන අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.