මෝටර් රථය දුම්රියේ ගැටී පියා සහ දියණිය මරුට

මෝටර් රථය දුම්රියේ ගැටී පියා සහ දියණිය මරුට

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ, 54 හැවිරිදි බියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ ඔහුගේ 34 හැවිරිදි කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු දියණිය බව පොලිසිය පවසයි.

ඔවුන් බියගම, ගෝනවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි, පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය කළ සීඝ්‍රගාමී දුම්රියක මෝටර් රථය හැපී ඇති බව පොලිසිය කියයි.

Share This