මත්පැන් හා දුම්වැටි මිල වැඩි කිරීමට එරෙහිව සංවිධානාත්මක එකමුතුවක්

මත්පැන් හා දුම්වැටි මිල වැඩි කිරීමට එරෙහිව සංවිධානාත්මක එකමුතුවක්

ඉහළ දැමූ මත්පැන් සහ දුම්වැටි මිල පහළ දමන තෙක් මත්පැන් හා දුම්වැටි භාවිතය අත්හැරීමට සංවිධානාත්මක එකමුතුවක් සමාජ මාධ්‍ය හරහා ගොඩනැගෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනුව, ෆේස්බුක් සන්ධාන රාශියක් මේ වන විටත් ඒ වටා එකතු වී ඇති අතර සැලකිය යුතු පිරිසක් ඊට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වේ.

රජය විසින් මීට පෙර අවස්ථාවකදී මත්පැන් සහ දුම්වැටි මිල වැඩි කිරීමත් සමඟ එහි පරිභෝජනය 40% කින් පහළ වැටුණි..

සුරාබදු බලධාරීන් පෙන්වා දෙන්නේ මෙවර මත්පැන් හා දුම්වැටි මිල වැඩි කිරීම හරහා නිෂ්පාදන අලෙවිය පෙරට වඩා පහළ යා හැකි බවයි.

Share This