මහරගම සති පොළ ඉදිරිපිට පිහි ඇනුමක්

මහරගම සති පොළ ඉදිරිපිට පිහි ඇනුමක්

මහරගම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලදී තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උත්සාහ කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මාළු වෙළෙන්දකු විසින් තියුණු ආයුධයකින් ඇන කොස් වෙළඳාමේ නිරත පුද්ගලයකු ඝාතනය කිරීමට උත්සාහ කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ක්ෂණික මැදිහත්වීමෙන් සිදු වීමට ගිය මනුෂ්‍ය ඝාතනයක් දැඩි පරිශ්‍රමයකින් වලක්වා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී තියුනු ආයුධය සහ, මත් පෙති දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් වැටලීමක් සඳහා යමින් සිටියදී මහරගම දෙහිවල පාරේ සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල පුද්ගලයකු තවත් පුද්ගලයෙකුට ඉවක් බවක් නොමැතිව තියුණු ආයුධයකින් අනින අයුරු හා එය වැළැක්වීමට කිසිවකු හෝ උත්සාහ නොදරා ඈත සිට නරඹමින් සිටින අයුරු නෙත ගැටී ඇතැයි පොලිසිය කියයි.

වාහනයේ ඉදිරිපස අසුනේ සිටි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි එස් එච් පිරිස් මහතා රියදුරු අමතා වාහනය වහා නතර කරන ලෙස පවසා සෙසු නිලධාරීන් සමග ක්ෂණිකින් එම ස්ථානයට කඩා වැදී පිහිය අමෝරාගෙන ලේ විලක් මැද බිම වැටී සිටි පුද්ගලයාට අනින පුද්ගලයාව මෙල්ල කර ඔහු සතුව තිබූ ලේ තැවරුණු තියුණු ආයුධය සිය භාරයට ගෙන ඔහු මෙල්ල කිරීමට සමත් වී ඇත.

Share This