ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත් කිරීම වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නිකුත් කිරීම වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයයට පෙනී සිටි සිසු සිසුවියන් 27 දෙනෙක් සහ දෙමව්පියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

නීතිඥ මංජුල බාලසූරිය මඟින් ගොනුකර තිබූ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, එම දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් සිව්දෙනෙකු, අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පී අම්පාවෙල සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, වැඩබල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අමාත්‍ය විජිත හේරත්, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකරුවන් දෙදෙනා, නීතිපතිවරයා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙක් නම්කර තිබේ.