ඉන්දියාවෙන් පිටුවහල් කළ අපරාධකරුවෙක් කටුනායකදී කොටුවෙයි

ඉන්දියාවෙන් පිටුවහල් කළ අපරාධකරුවෙක් කටුනායකදී කොටුවෙයි

ශ්‍රී ලංකාව තුළ අපරාධ රැසක් සිදුකර ඉන්දියාවට පළා ගොස් සිටි, රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති අතර ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

46 හැවිරිදි මෙම පුද්ගලයා රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු රත්නපුර කුරුවිට ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 50 ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම සහ මිරිහාන ප්‍රදේශයේ දී ජීව අත් බෝම්බයක් ළග තබා ගැනීම සහ මිනීමැරුම් කීපයක් සිදුකිරීම යන චෝදනා යටතේ මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා අවිස්සාවේල්ල, ගල්කිස්ස සහ රත්නපුර අධිකරණ වෙත යොමු කර තිබුණි.

එහිදී මොහු එම අධිකරණ මග හැර බෝට්ටුක නැගී ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී, ඉන්දීය ආරක්ෂක අංශ විසින් ගමන් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී සිටීම නිසා මොහු යළිත් මෙරටට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි.