ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට අණ නොතකා ඇතුළු වූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට අණ නොතකා ඇතුළු වූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේ කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයකට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප් රථ දෙකක් පොලිස් භාරයට ගෙන එහි රියදුරන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමෙි වරදට ඔවුන් එම මොහොතේම අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා සහ මොටර් රථ දෙක මහව ප්‍රදේශයේ බවත් රියදුරන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණකට යොමු කළ බවත් පොලීසිය කියයි.