ශ්‍රී ලංකාවේ, නෝර්වේජියානු තානාපති කාර්යාලය අද සිට වැසේ

ශ්‍රී ලංකාවේ, නෝර්වේජියානු තානාපති කාර්යාලය අද සිට වැසේ

කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය අද (31) දිනයේ සිට වසාදමන බව වාර්තා වනවා.

නොර්වේ රජය පසුගියදා නිවේදනය කර තිබුණේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවය.

ඒ අනුව අද සිට කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජකාරී කටයුතු අත්හිටුවීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ නෝර්වේ රාජ්‍යය පවත්වාගෙන යන ද්විපාර්ශ්වික සබඳතාවයේ වගකීම හෙට (01) දිනයේ සිට ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයට පැවරෙන බවයි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

නෝර්වේ අදින් පසු no way