වව්නියාවේ උපන්දින සාදයට එල්ල වුනු ප්‍රහාරයෙන් මිය ගිය තරුණියගේ පෙම්වතාත් ජීවිතක්ෂයට

වව්නියාවේ උපන්දින සාදයට එල්ල වුනු ප්‍රහාරයෙන් මිය ගිය තරුණියගේ පෙම්වතාත් ජීවිතක්ෂයට

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේදී උපන් දින සාදයකට පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් අයෙකු අද (26 ) අළුයම වවුනියාව මහ රෝහලේදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එස්. සුගන්තන් නැමති විසිපස් හැවිරිදි අයෙකි. ඔහු මේ සිද්ධියේදී මියගිය 21 හැවිරිදි තරුණියගේ පෙම්වතාය.

මේ වන විට තවත් නව දෙනෙකු වවුනියාව මග මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු තවමත් සිටින්නේ බරපතල තත්ත්වයකය.

උපන් දින සාදය පැවති නිවසට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය හුදෙක් පෞද්ගලික සිද්ධියක් මත ඇති වූ ගැටුමක් බවයි.

ප්‍රහාරය සදහා අට දෙනෙකු පමණ එම නිවසට පැමිණි බවට සී.සී.ටීවී කැමරා වල සටහන්ව ඇතත් ඔවුන්ගෙන් එක් අයෙකු හෝ මේ දක්වා හදුණාගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් සියළු දෙනාම මූණු දැඩි ලෙස ආවරණය කරගෙන මෙම ප්‍රහාරය සදහා පැමිණ සිටීම නිසාය.

කෙසේ වෙතත් වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Dead Family 5

Vavuniya 02

WhatsApp Image 2023 07 23 at 12.28.34

WhatsApp Image 2023 07 23 at 12.27.42