අවුරුද්දට ගමේ යන අය වෙනුවෙන් විශේෂ දුම්රිය 10ක්

අවුරුද්දට ගමේ යන අය වෙනුවෙන් විශේෂ දුම්රිය 10ක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක්කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 11 වනදා සිට එම දුම්රිය ධාවනයට එක්කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.

දුම්රිය ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඇති දුම්රිය සඳහා මේ වනවිට එම පහසුකම අන්තර් ජාලයට යොමුකර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

“විශේෂ දුම්රියක් ආරම්භ කරනවා New Year Special Night Mail Train කියලා කොළඹ කොටුවේ සිටි බදුල්ල බලා දුම්රියක් ආරම්භ කරනවා. කොළඹ කොටුවෙන් පස්වරු 7.30ට තමයි මේ දුම්රිය ධාවනය ආරම්භ කරන්නේ

මෙම දුම්රිය අප්‍රේල් 11, 12, 19 සහ 20 දිනවල ධාවනය වෙනවා. ඒකට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රියක් පැමිණෙනවා.”

අවුරුදු සමයේ ගාල්ලේ සිට අනුරාධපුරය දක්වා දුම්රියක් ක්‍රියාත්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ගාල්ලෙන් පෙ.ව 4.00 ආරම්භ කරන මේ දුම්රිය අප්‍රේල් මස 12 සහ 13 දිනවල ධාවනය සඳහා අපි යොදවනවා.

කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා පස්වරු 3.00ට දුම්රියක් ක්‍රියාත්මක කරනවා අප්‍රේල් 12 සහ 13 යන දිනවලදී. අප්‍රේල් 11, 12, 16 සහ 21 යන දිනවලදී ගාල්ලේ සිට පෙරවරු 6.10ට දුරම්රියක් ආරම්භ කරලා කොළඹ කොටුව දක්වා ධාවනය කරනවා.

කොළඹ කොටුවේ සිට කංකසන්තුරය දක්වා, කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්කවා විශේෂ දුම්රිය ධාවනය සඳහා යොදවනවා.”