ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ කැගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. ඒ කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේදී ඒ මහතා මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

මන්ත්‍රී කෝසල නුවන් මහතා මිය යන විට 38 වැනි වියේ පසුවිය.

ඔහු කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්ද 61,713ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාපාවල යන ගමෙහි උපත ලබා ඇති ඔහු විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් ද වේ.