නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් සලකාබැලීමට දින දෙයි

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් සලකාබැලීමට දින දෙයි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම් 16ක් සලකාබැලීමට දින නියමකර ඇත.

ඒ අනුව, අප්‍රේල් මස 01වනදා එම පෙත්සම් කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම් අද (28) එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියමය ලබා දී ඇත.

එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ දැනුම් දී ඇත්තේ, මෙම ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පිළිබඳව මැතිවරණ කොමිසම කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත්, එහි තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය..

ඒ අනුව, පෙත්සම ලබන 01වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල, එදින මෙම ඉල්ලීම පිළිබඳ කරුණු සලකාබලන බව නිවේදනය කර ඇත.