
දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 24 වන සඳුදා
රාහු කාලය
7:42 am – 9:14 am
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
වයඹ

මේෂ ක්‍රියාකාරකම් බහුලයි. ඒ නිසාම අවිවේකී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් ගෙන දෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. හදිසි ලාභ දෙයි. සිරසගත පීඩා මතු කරයි.
Date: 2025-03-24
ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස

වෘෂභ සුපුරුදු ක්‍රියාවන් උනන්දුවෙන් ඉටු කරයි. උත්සව සාද වැනි දේවලට ද හේතුයි. සම්මුඛ සාකච්ඡා ආදියෙන් ජය ලබයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. වැය ඉහළයි. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතු වේ.
Date: 2025-03-24
ජය අංකය: 02
ශුභ වර්ණය: අළු පැහැය

මිථුන අවිවේකී දිනකි. පැවරෙන රාජකාරි හරියට ඉටු කරයි. භූමිය පිළිබඳ කටයුතු කරන අයට ජය ගෙන දෙයි. යටපත්ව තිබූ ණය ගනුදෙනුවකින් ජය ගෙන දෙයි. ස්නායුගත රෝග, වාත වේදනා මතු කරයි.
Date: 2025-03-24
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ

කටක තරමක් කලබලකාරි වාතාවරණයකට හේතුයි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවේ. විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් ක්‍රියාකාරකම් ඉවසීම මැනවි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු වේ.
Date: 2025-03-24
ජය අංකය: 04
ශුභ වර්ණය: දුඹුරු

සිංහ ශුභා ශුභ ඵල ගෙනදෙයි. තරමක් වෙහෙසව කටයුතුවල යෙදේ. නිවාස අලුත්වැඩියා නව නිර්මාණ ආදිය සිදුකරයි. මනස චංචල කරවන ප්‍රශ්න ද පැන නඟී. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. මුත්‍රා ආසාදන මතු වේ.
Date: 2025-03-24
ජය අංකය: 07
ශුභ වර්ණය: ළා දම්

කන්‍යා ගමන් බිමන් බහුල වෙයි. උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. නිවාස අලංකාරකරණයට හේතුයි. විනෝදජනක ක්‍රියාවන්හි යොමුවෙයි. නවක මිතුදම් ඇති වෙයි. හදිසි ධන ලාභ ද ගෙනදෙයි. සිරසගත රෝග ද මතු කරයි.
Date: 2025-03-24
ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්

තුලා තරමක් අවිවේකී දිනකි. නව බඩු බාහිරාදිය මිලට ගැනීමට හේතුයි. ඇඳුම් පැලඳුම් වැනි දේට ද වැයපස ඉහළ යයි. කෘෂිකාර්මික කටයුතුවලින් ජය දෙයි. දුරගමන් විනෝද ගමන් යෙදේ. අමතර ලාභ ලබන දිනකි. පෙනහළු ආසාදන රෝගවලට හේතුයි.
Date: 2025-03-24
ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු

වෘශ්චික අමතර ක්‍රියාකාරකම්වල යෙදේ. දුරගමන් බිමන් ද යෙදෙන අතර නිවාස අලුත්වැඩියාවනටද හේතුයි. අලංකාර කටයුතු ඇඳුම් පැලඳුම් වැනි දේට මිල මුදල් වැය කරයි. නවක මිතුදම් යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.
Date: 2025-03-24
ජය අංකය: 08
ශුභ වර්ණය: රතු

ධනු තෘප්තිමත්ව දවස ගෙවයි. රාජකාරි ස්ථානවල කැපී පෙනේ. සුහදතා වර්ධන ක්‍රියාවන් ද යෙදේ. ප්‍රීති සාදවලට යොමුවෙයි. ජනප්‍රසාදයට පත්වෙයි. හදිසි ධන ලාභ ද ලබන දිනකි. වාතාධික රෝග මතු කරයි.
Date: 2025-03-24
ජය අංකය: 01
ශුභ වර්ණය: කහ

මකර දූරදර්ශිව ක්‍රියා කරන දිනකි. රාජකාරිවලදී ප්‍රසාදය දිනයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සංවේදී දිනකි. තරමක් වගකීම් බහුල දිනකි. නව ක්‍රියාකාරකම් ඇරඹීමට ශුභයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.
Date: 2025-03-24
ජය අංකය: 03
ශුභ වර්ණය: නිල්

කුම්භ තරමක් කලබලකාරි ස්වරූපයක් ඇති කරයි. රාජකාරි බහුලතාවයට පත්වෙයි. ප්‍රීති සාද සුහදතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. මිතුරු දම් සමීප වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වන දිනකි. ස්නායුගත රෝග, වාත රෝග මතු කරයි.
Date: 2025-03-24
ජය අංකය: 05
ශුභ වර්ණය: දම්

මීන වන්දනා ගමන් බිමන් යෙදේ. දානශීලාදී ගුණධර්මවල යෙදෙන අතර පරෝපකාරව ක්‍රියාකරන දිනකි. මිල මුදල් තරමක් වැයවේ. ආගමික උත්සවවලට සහභාගිවීමේ අවස්ථාද යෙදේ. සෙම් ආසාදන රෝග මතුකරයි.
Date: 2025-03-24
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්