
ජර්මානු කතක් ගලේවෙලින් පුංචි ඡන්දයට ඇප තියයි
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් අපේක්ෂිකාවක ලෙස තරග කිරීම සඳහා ජර්මානු ජාතික කාන්තාවක ඇප මුදල් තැන්පත් කර තිබේ.
මෙම කාන්තාව මාතලේ, ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කරන බවයි, පැවසෙන්නේ.
මෙම කාන්තාව මේ වන විට ශ්‍රී ලංකා පුරවැසිභාවයද ලබාගෙන ඇති බවයි, වාර්තා වන්නේ.
මාරියා බෙනන්සා නමැති මෙම කාන්තාව ජනමාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ වෙනසක් ඇතිකිරීම සඳහා තමා මැතිවරණයට ඉදිරිපත් වූ බවයි.