
ඩොලරයේ අගය සීග්‍රයෙන් පහළට
මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු 0.197ක අගයකින් සහ විකිණුම් මිල රු.0.283ක අගයකින් පහළ ගොස් තිබේ.
ඒ අනුව, අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රු.291.80ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු.300.31ක් ලෙසයි.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව – රු. 292.25 – රු. 300.25
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 289.38 – රු. 301.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.25 – රු. 299.25
සෙලාන් බැංකුව – රු. 292.25 – රු. 299.25
කොමර්ෂල් බැංකුව – රු. 290.01 – රු. 299.50
අමානා බැංකුව – රු. 293.70 – රු.298.70