
ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම ගැන නිවේදනයක්
2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය ලබා දී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන දෙමාපියන් විසින් නිසි පරිදි සම්පූර්ණ කළ යුතු වේ.
සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර විදුහල්පති වෙත නැවත භාර දිය යුතු අතර විදුහල්පති විසින් 2025.03.25 දිනට ප්‍රථම මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමට කටයුතු කල යුතු බවට නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත සුදුසුකම් ලද සිසුන්ගේ දෙමාපියන් වෙත සහ අදාළ විදුහල්පතිවරුන්ට අමාත්‍යාංශය දැනුම් දී තිබේ.