
හිටපු ජනපති මහින්දගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.