
නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් පත්කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ලෙස ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ.
ඒ අනුව, ඇය හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස් ජෙනරාල්වරිය ලෙස කටයුතු කරනු ලබයි.
1999 වසරේ දී තක්සේරුකරුවෙක් ලෙස දේශීය ආදායම් සේවයට බැදෙන ඇය, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවෙක්, නියෝජ්‍ය කොමසාරිස්, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ කොමසාරිස් වශයෙන්ද සේවය කර තිබේ.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් සේවය කළ ඩබ්ලිව්.ඒ.එස්. චන්ද්‍රසේකර මහත්මිය 2025‑02‑28 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.