
හොන්ඩුරස් රාජ්‍යයේ ගුවන් යානයක් කඩා වැටී 12 ක් මරුට
මධ්‍යම අමෙරිකානු රටක් වන හොන්ඩුරාස් රාජ්‍යයට අයත් කුඩා ගුවන් යානයක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම ගුවන් යානයේ මගීන් 14 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනකු සමග 17 දෙනෙකු සිට ඇති අතර, ඉන් පස් දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇත.
මිය ගිය අය අතර එරට ජනප්‍රිය ගායකයකු වන ඔරේලියෝ මාටිනන්ස් ද සිටි බව වාර්තා වේ.
හොන්ඩුරස් රාජ්‍යයට අයත් සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට කැරිබියන් දූපතක් වන රොවාටන් දූපතේ සිට ලා සෙයිබා ගුවන්තොටුපොළ දක්වා ගමන් ආරම්භ කළ අවස්ථාවේදී මෙම ගුවන් යානය මුහුදට කඩා වැටී තිබේ.
අනතුරින් පසුව එරට ගිනි නිවන ඒකකය සහ වෙරළාරක්ෂක බළකාය එක්ව සිදු කළ මෙහෙයුමකින් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ ඇතුළු මළ සිරුර 12ක් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මුහුදට කඩා වැටුණු ගුවන් යානයේ සිටි සෙසු මගීන් 5 දෙනා බේරා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත් වූ බව ද වාර්තා වේ.
අනතුරට හේතුව තාක්ෂණික ගැටලුවක් බව මූලික විමර්ශනයේදී හෙළි වී තිබේ.