අර්චුනාගේ බ්රේක් නැති කටට කතානායකගෙන් වාරණයක්

අර්චුනාගේ බ්රේක් නැති කටට කතානායකගෙන් වාරණයක්

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට එරෙහිව තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව, මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම අත්හිටුවන බවයි, කතානායකවරයා ප්‍රකාශ කළේ.

ඊට අමතරව, අර්ච්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන් සහගත ප්‍රකාශ, අශෝභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ද ඉවත් කරන බවද කතානායකවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව, මාර්තු 20, 21 අප්‍රේල් 8, 9 සහ 10 මැයි 6, 7, 8 යන දින සඳහා අර්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති.

එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව, මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා ද නැද්ද යන්න සලකා බලන බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.