
ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි එක්පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
පසුව වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට තරග තීරකයින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව තරග තුනකින් සමන්විත දෙරට අතර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එකට එකක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් වුණා.