
රුපියල් කෝටි 12 කට අධික දුම්වැටි තොගයක් වරායේ ගබඩාවකින් හමුවෙයි
නීති විරෝධීව මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ දුම්වැටි 713,000 ක තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකායේ නිලධාරීන් කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක කළ පරීක්ෂාවකදී මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කළ මිලිමීටර 5 ක කුහර සහ රැලි සහිත තහඩු පැලට් 5 ක් තුළ සඟවා තිබියදී මෙම දුම්වැටි තොගය සොයා ගෙන ඇත.
එම දුම්වැටි වල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 124,019,554 ක් වන අතර මෙම දුම්වැටි තොගය කිසියම් ක්‍රමයකින් වරායෙන් පිට කළේ නම් රජයට රුපියල් 107,985,621 ක බදු ආදායමක් අහිමිවන බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
