
දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 18 වන අඟහරුවාදා
රාහු කාලය
3:20 pm – 4:51 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
බස්නාහිර

මේෂ තරමක් කලබලකාරී ගති මතු කරයි. ඉඩකඩම් පිළිබඳ ගැටලුවකට මුහුණ දෙයි. උත්සාහයෙන් තම අරමුණු ජය ගනී. සතුරන් දමනය වෙයි. අමතර ලාභ ලැබීම් මතු කරන දිනකි. සිරසගත රෝග, උගුරේ අමාරු මතුවේ.
Date: 2025-03-18
ජය අංකය: 09
ශුභ වර්ණය: තද රෝස

වෘෂභ ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. දුර ගමන් බිමන් ද යෙදේ. භූමිය පිළිබඳ ක්‍රියා කරන්නන්ට ශුභයි. අමතර වැයපස ඉහළ යයි. දුරදිග බලා ක්‍රියා කළ යුතු නවක මිතුදම් ඇතිවේ. සෙම් කෝප රෝග මතු කරයි.
Date: 2025-03-18
ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්

මිථුන දුර දිග බලා තීරණ ගතයුතුය. මිතුරන් නිසා තරමක් නමට හානි වීමට ඉඩ තිබේ. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් එල්ල වේ. අමතර ක්‍රියාකාරකම් තුළින් ධනය ලබයි. අරිශස් ආශ්‍රිත රෝග සෑදේ.
Date: 2025-03-18
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ

කටක කළ ක්‍රියාවන් කෙරෙහි අන් අයගේ වැඩි අවධානයට ලක්වෙයි. ඍජු ගුණයෙන් ක්‍රියා කළ යුතු ගමන් බිමන්වලින් තම අරමුණ ද ජය ගනී. හදිසි ධන ලාභ ලැබීම් ඇතිවේ. පෙණහලු ආශ්‍රිත රෝග මතුවේ.
Date: 2025-03-18
ජය අංකය: 05
ශුභ වර්ණය: තැඹිලි

සිංහ ශුභාශුභ ඵල දෙයි. කෙටි ගමන්වල යෙදෙන අතර අවිවේකය මත තරමක් ආවේගශීලී ගති ඉස්මතු කරයි. ඉවසීමෙන් දවස ක්‍රියා කළ යුතු සතුරු බලපෑම් එල්ල වීමට ද හේතුයි. සෙම් ආසාදන රෝග මතු කෙරේ.
Date: 2025-03-18
ජය අංකය: 01
ශුභ වර්ණය: දම්

කන්‍යා ශුභාශුභ ඵලදෙයි. ක්‍රියාශීලී දිනකි. සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. තම රාජකාරි එදිනෙදා ක්‍රියාකාරකම් ආදියෙහි උනන්දුවෙන් යෙදෙන අතර තම ළඟම ඥාතීන් සඳහා වැයපස ද ඉහළ යයි. සිරස ගත රෝගවලට හේතුයි.
Date: 2025-03-18
ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්

තුලා තරමක් පොදු රාජකාරි බහුල දිනකි. මනසට වධ දෙන ප්‍රශ්න ද මතු කරයි. වැයපස ද ඉහළ යයි. කලකිරීම් මත දවස ගෙවයි. ව්‍යාපාරවල තරමක වර්ධනයට හේතු සාදයි. යටපත්ව තිබූ රෝග මතු වෙයි.
Date: 2025-03-18
ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු

වෘශ්චික ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. තම ක්‍රියාකාරකම්වලදී කැපී පෙනෙයි. පරෝපකාරීව දවස ක්‍රියාකරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හී ද යෙදේ. සුළුවෙන් හෝ හදිසි ධන වාසනා ලාභ ලබයි. සෙම් ආසාදන රෝග මතුවෙයි.
Date: 2025-03-18
ජය අංකය: 07
ශුභ වර්ණය: රතු

ධනු ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. රැකියා ලාභ ලැබීම්වලට තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. තම වටිනාකම ඇසුරු කරන්නන් අතර ප්‍රචලිත වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. කෘෂිකාර්මික කටයුතු ආදියෙන් ජය ලබයි. සෙම් ආසාදන රෝග සාදයි.
Date: 2025-03-18
ජය අංකය: 03
ශුභ වර්ණය: කහ

මකර ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. කලක් අතපසුව තිබූ ව්‍යාපාර ආරම්භයට හේතුයි. උගතුන්ගෙන් උදව් උපකාර ද ලබයි. ඇසුරින් දුරස්ථව සිටි තම හිත මිතුරන් සමීප වන කරුණු යෙදේ. භූමිය සම්බන්ධ කටයුතුවලින් ජය ලබයි. සිරසගත රෝග ඉස්මතු කරයි.
Date: 2025-03-18
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු

කුම්භ ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. තම ව්‍යාපාරවල පැවැති බාධා ඉවත් වෙයි. තත්ත්වයෙන් උසස් වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. රාජකාරි ස්ථානවල ප්‍රසාදය දිනයි. හදිසි ධන වාසනා ලාභ ලැබීම්වලට හේතුයි. මෞත්‍රලිංගික පද්ධතියේ රෝග සාදයි.
Date: 2025-03-18
ජය අංකය: 01
ශුභ වර්ණය: දම්

මීන ශුභඵල මතු කරයි. ගමන් බිමන් බහුල වෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. රාජකාරි ප්‍රබෝධයෙන් ක්‍රියා කරයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. තමන් පසුපස පැමිණි සතුරු බලපෑම් ඉවත් වෙයි. ශරීරය ඉදිමුම් රෝගවලට හේතුයි. හෘද රෝග සාදයි.
Date: 2025-03-18
ජය අංකය: 05
ශුභ වර්ණය: තද කහ