
තියුණු ආයුධයකින් කොස්තාපල්ට පහර දුන් වෙලේසුදාගේ මල්ලි අල්ලයි
බඩෝවිට ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පළා ගිය සමන් කුමාර නොහොත් දැනට බන්ධනාගාරගතව සිටින වෙලේසුදා නමැත්තාගේ සහෝදරයා බොරැල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩයමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් වෙලේ සුදා නමැත්තාගේ සහෝදරයාගේ බිරිය ද ගල්කිස්ස පොලිසි විසින් අත්අඩංගුවට ලැබීය.
බස්නාහිර පළාත් දකුණු නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත.