
සැලසුම් කළ පරිදි සෞඛ්‍ය සේවකයින් හෙට වර්ජනයේ
පෙර සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා සඳහන් කළේ, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර අද (17) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් මෙම වර්ජන කාලය තුළ සියලුම හදිසි සහ අත්‍යවශ්‍ය සේවා සපයන බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
එමෙන්ම ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා රෝහල් සහ වකුගඩු රෝහල්වල හෙට දිනයේ දී මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි, ඔහු වැඩිදුරටත් පැවැසුවේ.