
අඹුසැමි යුවළක් බිය ගන්වා මෝටර් රථයක් හා රන් භාණ්ඩ කොල්ල කෑ සැකකරුවන්ට උන දේ
ත්‍රීකුණාමලය පොලිස් වසමේ සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයට අඹුසැමි යුවලක් පැමිණ ඇති අතර, එම ස්ථානයට කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම අඹුසැමි යුවළට තර්ජනය කර බියගන්වා ඔවුන් පැමිණි කාර් රථය, මුදල් හා රන් ආභරණද කොල්ල කා පලාගොස් තිබෙනවා.
පසුව ඔවුන් ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 35 වයස්වල පසුවන ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කොල්ලකන ලද කාර් රථය, කොල්ලකරුවන් පැමිණි කාර් රථය හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු හා දේපල අත්අඩංගුවට ගැනීමට ත්‍රීකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.